කන්නංගරේ තාරකා විද්‍යා සංගමය

නිදහස් අධ්‍යාපනයේ පීතෘවර ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන චින්තනය යටතේ ආරම්භ වූ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ ආරම්භ වූ පළමු මධ්‍ය විද්‍යාලය වන කළුතර මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. ප්‍රදේශයේ පාසල් තාරකා විද්‍යාව නගාසිටුවීමට උපරිමයෙන් දායකත්වය ලබා දෙන අපි දේශන, වැඩමුළු , නිරීක්ෂණ කඳවුරු, දැනුම මිනුම තරඟ ඇතුලු වැඩසටහන් රාශියක් දියත් කර ඇත්තෙමු.

සිංහල භාෂවෙන් පලවන තාරකා විද්‍යා ප්‍රකාශන අවම වන අතර වෙබ් අඩවිද අවමය. එනිසා තාරකා විද්‍යාවට ආරම්භකයන් උදෙසා මෙන්ම තාරකා විද්‍යාවට ඇලුම් කරන සියලු දෙනා වෙනුවෙන් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කරන ලද බව සාදරයෙන් දැනුම් දෙමු. 🙏🙏🙏🙏

Leave a comment